ලංකා කම්කරු කොංග්‍රසය ඇවිලෙයි - ජීවන් ඉල්ලා අස් වෙන්න යයි

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙසත් එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙක් සඳහන් කළේ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමේන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පක්ෂයේ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා අතර දුරකථනය ඔස්සේ බහින් බස් වීමක් සිදු වී ඇති බවයි.

ඉන් පසු ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඔහු කියා ඇත.

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

එසේම ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙක් පවසා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූර දරන තලවකැලේ ලිදුල, නුවරඑළිය මහ නගර සභාව, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතනවල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබා දෙන සහයෝගවලින් ඉවත් වන ලෙසට ලිපි ලබා දෙන ලෙසද ජීවන් තොන්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දිම් කළත් එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළහොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙක් ප්‍රකාශ කර ඇත. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ජීවිතයෙන් සමුගෙන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ජීවිතයෙන් සමුගෙන

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..