හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පවසයි.
එහෙත්, ඔහු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් පවතින අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ රඳවා ඇති බවත්, ඔහුගේ තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හෙට (26) උසාවිය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව තීරණය කිරීම සඳහා අද පස්වරුවේ වෛද්‍ය මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකින් පසුව තීන්දුවක් ගන්නා බවයි.
ඔහුගේ වාර්තාවට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා විජලනය (dehydration) සහ අධික රුධිර පීඩනය (high blood pressure) තත්ත්වයන් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය (close supervision) යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, වෛද්‍ය මණ්ඩලය විසින් ඔහුගේ තත්ත්වය උදෑසන සහ සවස යන දෙවරම සමීපව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසීය.
වෛද්‍යවරයාගේ ප්‍රකාශයට අනුව,
“එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය මණ්ඩලය මේ වෙලාවෙත් ඔඩිටෝරියම් එකේ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තීරණය කරයි වෛද්‍යමය හේතුව කොයි විදියද, කොයි තත්ත්වෙද තියෙන්නේ කියලා. එතනින් පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ එතුමාට උසාවියේ පෙනී සිටීමට හැකියාව පවතිනවද නැද්ද කියලා.
එතුමා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ දැඩි අධීක්ෂණය යටතේ, ඒකට කියන්නේ ක්ලෝස් සුපර්විෂන් යටතේ තබා ගැනීම සුදුසුයි කියලා තමයි අපේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කරලා තියෙන්නේ.
යම්කිසි ගුණයක් පෙන්වමින් යම් ස්ටේබල් තත්ත්වයක් පෙන්නනවා. ICU එකේ මොනිටර් කරන එක විශේෂඥ වෛද්‍යවරු උදේ, හවස දෙකම කරන නිසා හරිම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. හවස් වෙනකොට තමයි අපිට තීරණයක් කරන්න පුළුවන් එතුමා කොයි තත්ත්වයේ සුදුසු තත්ත්වයක සිටියිද කියලා”
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එම චෝදනාවට අනුව, ඔහු නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයකට රජයේ මුදල් භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ බරපතළ බව හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, එය ඔහුගේ බන්ධනාගාරගත කිරීමත් සමඟ ඇති වූ මානසික හා ශාරීරික පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත් හෙට (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත. එහිදී, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට වෛද්‍ය මණ්ඩලයේ අද පස්වරුවේ සාකච්ඡාව තීරණාත්මක වනු ඇත.
ඇත. මෙම තත්ත්වය රටේ දේශපාලන වටපිටාවේ බරපතළ ආන්දෝලනයක් ඇති කර ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන් සහ විපක්ෂයේ දේශපාලනඥයන් මෙම නඩුවේ ඉදිරි පියවරයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.