රනිල්ට සහාය පළ කරමින් හෙට කොළඹදී විරෝධතාවක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කරයි.

අධිකරණ තීන්දුවලට එරෙහිව පෙළපාලි ගිහින් අමාරුවේ වැටෙන්න එපා - ටිල්වින් අනතුරු අඟවයි

අධිකරණ තීන්දුවලට එරෙහිව පෙළපාලි ගිහින් අමාරුවේ වැටෙන්න එපා - ටිල්වින් අනතුරු අඟවයි

මේ සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා දිවයින පුරා ආශීර්වාද පූජාවන් සහ බෝධි පූජා වැඩසටහන් සංවිධානය කර ඇති බවද එම පක්ෂය සඳහන් කරන අතර, ඊයේ (24) අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියස ආශීර්වාද පූජාවක් පැවති බවද වාර්තා වේ.

විපක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් අද

විපක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් අද

‘මර්දනය නවතනු – ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු’ යන තේමාව යටතේ, දකුණේ ජනතා විරෝධයක් අද (25) සවස 3:00ට ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්වෙන බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

Gallery