ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි
අගමැති හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී ඇත.
ඔවුන් තමන් සේවය කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින්, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට තීරණය කර ඇත.
පසුගිය සිකුරාදා (22) වන විට මෙම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු අදාළ ලිපි බාරදී ඇති බව වාර්තා වේ.