මේ පැතිවලට යන රියදුරන්ට අද විශේෂ නිවේදනයක්
Sri Lanka Police
Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
By Kaushi
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර වීථී සංචාරය කිරීම නිසා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව අද (16) දින රන්දෝලි මහා පෙරහර රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.
එසේම මෙම පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දකුණු වාහල්කඩින් පිටත්ව බෙල්ලන්තර හන්දියෙන් කීල්ස් වටරවුම දක්වා ගමන් කර මාර්ග අංක 117 විහාර මාවත හන්දියෙන් විහාර මාවතට ගමන් කර මාර්ග අංක 119 විහාර මාවත තෙක් විහාරයේ දකුණු වාහල්කඩින් විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර පෙරහර ගමන් ගන්නා කාලයේදී පහත ස්ථානවලින් රථ වාහන ගමනාගමනය සීමා කරන බව වාර්තා වේ.