හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි [PHOTOS]

Lohan Ratwatte Mahinda Rajapaksa Namal Rajapaksa Death Sinhala news
By Kaushi Aug 15, 2025 10:42 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවයත් සමඟ මේ වන විට සමාජ මාධ්‍යය පුරාවටම ඔහු ගැන වැයෙන ගුණ කථන වගේම ශෝක පණිවුඩත් විශාල ප්‍රමාණයක් හුවමාරු වෙනවා.

ඒ අතර ඔහුගේ දේශපාලන හිතවතුන් මෙන්ම මිතුරන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් තබනවා.

ඒ ඔහු අහිවීමේ පාඩුව කියමින්. හැබැයි එකතු වෙන සටහන්වලට ලැබෙන ජනතා ප්‍රතිචාර අතර වැඩිහරියක් තියෙන්නේ ශෝකයට වඩා ඔහු කරපු කියපු දේවල් බව තමයි දකින්න ලැබෙන්නේ.

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තියලා තිබුණේ මේ විදිහට,

''හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. බොහෝ කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම මාගේද සමීප හිතවතෙක් ලෙස ලොහාන් රත්වත්තේ මහතා කටයුතු කළ අතර ඕනෑම කාර්යයකදී පෙරමුණ ගනිමින් කටයුතු කළ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස එතුමන්ගේ සේවය අගය කරමි. අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි."

මේ සටහනේ උණුසුමත් එක්කම තවත් පුවතක් වාර්තා වුණා.

ඒ හිටපු ඇමති ලොහාන් රත්වත්තේ අද (14) දහවල් නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේදී අභවප්‍රාප්ත වූ ආරංචිය ලැබුණු ගමන් රාජපක්ෂ පවුලේ කට්ටියක්ම ඉක්මනට රෝහලට ගිහින් ඒ ගැන සොයා බැලුවා කියලා.

ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂද සිටියා.

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

තව මේ පිරිසට බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයාද පැමිණි අයුරු කැමරා කාචවල සටහන් වෙලා තිබුණා. ඒ වගේම මේ වෙලාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සඳහන් කරලා තියෙන්නේ,

"මේක විශාල පාඩුවක් විශේෂයෙන්ම නුවරට විතරක් නෙමේ රටටත් විශාල පාඩුවක්, වේවි දේශපාලනඥයෙක් නැතිවීම, ඉතින් අපට බොහොම හිතවත් මන්ත්‍රීවරයෙක් හොඳ මිතුරෙක්." යනුවෙන්.

ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් "ඔහු අපේ පවුලේ හිතවතෙක් අපට සමීපව දේශපාලන කටයුතු කළ මන්ත්‍රීවරයෙක්.. එතුමා මහනුවර දිස්ත්‍රික්කයට දැවැන්ත සේවයක් කළා. එතුමාගේ අභාවය ගැන අප පවුලේ ශෝකය පළ කරනවා" කියලා තම අදහස ප්‍රකාශ කරලා තිබුණා.

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

කොහොම වුණත් ඒකෙන් මේකෙන් මේ වෙන කොට සමාජ මාධ්‍ය පුරාවටම නොයෙක් අදහස් ගලන් එන්න පටන් අරන් තියෙනවා.

ඒ අතරේ බලේ ඉද්දි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කළා කියන විවිධ දෑත් කමෙන්ට් අස්සේ ප්‍රසිද්ධ වෙමින් තියෙනවා.

ඒ අතරෙ අතළොස්සක් ඔහුට නිවන් සුවත් තව පිරිසක් මිය ගියත් ඔහුට දොස් නගන්නත් අමතක කරලා නැති බව තමයි පේන්න තියෙන්නේ.

අවසාන වශයෙන් කොයි කවුරුත් අවසානේ අරන් යන්නේ කළ හොඳ නරක පමණක් බවත් ඉන් ගැළවීමක් නැති බවත් පමණක් ලියා තබමි. 

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

GalleryGalleryGalleryGalleryGalleryGallery