අපි කකුලෙන් අඳින්නේ නැහැ..ඡන්දයක් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙත් නෑ, විපක්ෂෙ ගහන අලුත්ම ප්ලෑන් එක

Provincial Council Srilanka Freedom Party Election Latest Headlines Sinhala news
By Kaushi Aug 16, 2025 11:15 AM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නියෝජිතයින් වෙනුවෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදී වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව අද (16) දින පෙරවරුවේ මෙම වැඩමුළුව පැවැති අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

වැඩමුළුවෙන් පසුව හිටපු මැති ඇමතිවරුන් අදහස් දැක්වූ අතර එම අවස්ථාවේදී ඉකුත් දා හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසා ඇත.

ඒ අනුව ඊට පිළිතුරු ලෙස හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කිසිදු පුද්ගලයෙකු නායකත්වයට පත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව නොපැවැත්වෙන බවත් ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය සම්බන්ධව පමණක් සාකච්ඡා කරන බවත් සඳහන් කළා.

එසේම ආණ්ඩුව පෙරළීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද අනුර ප්‍රියදර්ශනයාපා මහතා පවසා ඇත.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

"මැතිවරණ කියන ඒවා අවශයයි. පළාත් සභා මැතිවරණයත් කාලාන්තරයක් තිස්සේ ප්‍රමාදයි. මම හිතනවා පළාත් සභා මැතිවරණය පවත්වන්න හොඳ කාලය තමයි මේක කියලා. එතකොට දැනගන්න පුළුවන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ විරුද්ධ පක්ෂයේ අයගේ ජනප්‍රියත්වය. රටේ ආර්ථික තත්ත්වය හොඳ නම් ආණ්ඩුව කාලාන්තරයක් ගමන් කරයි. අපි ඡන්දයක් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට කරුණු කියලා විරුද්ධ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පක්ෂයක් හැටියට ක්‍රියා කරන්න. හැම පක්ෂයක් එක්කම සාකච්ඡා කරනවා ඒක අපේ යුතුකමක් ඉදිරි දේශපාලනයේදී මොන විදිහේ සන්ධානයක් නිර්මාණය වෙයිද කියලා දැන්ම කියන්න බැහැ. ඒක අවශ්‍ය වෙලාවට බලමු."

එමෙන්ම හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ,

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

"තැන් තැන්වල සාකච්ඡා කළාට කවදා හරි දවසක එක පොදු අරමුණකට එන්න ඕනේ. ඒ සඳහා ඉඩකඩ තියාගෙන වැඩ කරන්න ඕනේ. මේ වෙලාවේ අලුත් ආණ්ඩුවක් බලයට ඇවිල්ලා විශාල බලයකින් අවුරුද්දක් යනකොට ආණ්ඩු පෙරලන්න යනඑක ප්‍රඥාගෝචර නෑ. කකුලෙන් අදින්න අවශ්‍යතාවයක් නෑ ඒ අයගේ ප්‍රතිපත්තීන් පිළිඅරගෙන තමයි ජනතාව බලය දුන්නේ ඉතිං ඒක කරලා බලන්න අවස්ථාව දෙන්න ඕනේ" යනුවෙන්.

වැඩි බඩ අඩු කරලා ඉක්මනට ඉන හැඩ කර ගන්න ඕනේ නම් මේක බීලාම බලන්න

වැඩි බඩ අඩු කරලා ඉක්මනට ඉන හැඩ කර ගන්න ඕනේ නම් මේක බීලාම බලන්න