කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක්, 11 දෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි.
එසේම අඳාළ පිපිරුමෙන් එම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලිවලට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බව ද සඳහන්.
මේ අතර පහුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් පසුව සිදු ව ඇති දෙවන මාරාන්තික පිපිරීම මෙය බව ද වාර්තා වේ.
