SLC T20 ලීගයේ අවසන් සටනේ ජය ග්‍රීන්ස් කණ්ඩායමට හිමිවිය

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ජය ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද සමත් වී ඇත.

ඒ ග්‍රේස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින්ය. තරගයේ කාසියේ වාසිය දිනූ ග්‍රේස් කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ග්‍රීන්ස් කණ්ඩායමට ලබා දුන්නේය.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 47ක් තුළ වේගවත් ලකුණු 77ක් රැස් කරගත්තේය.

යකඩ යකාට නැවතුමක් නැහැ - මිනිස් ජීවිත 234ක් බිලි අරන්

යකඩ යකාට නැවතුමක් නැහැ - මිනිස් ජීවිත 234ක් බිලි අරන්

කුසල්ගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 5 බැගින් ඇතුළත් වීම විශේෂත්වයකි.

ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත්තේ ලකුණු 166ක් පමණි.

ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් රැස් කළේය.