හිටපු ලොක්කොන්ගෙයි ඉන්න අයගෙයි වංචා දුෂණ හොයන්න පොලිස් බල්ලෝ වගේ කොමිසමෙන් පාර්ලිමේන්තුව පීරයි

Parliament of Sri Lanka Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Kaushi Aug 16, 2025 11:43 AM GMT
Kaushi

Kaushi

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වී ඇති නවවැනි පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් පිළිබඳව විශේෂ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

එසේම මෙම විමර්ශනය අදාළ මන්ත්‍රීවරුන් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙන් ලබාගත් සෑම දීමනාවක්ම සහ වරප්‍රසාදයක්ම සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව සඳහන්.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ කාලය තුළ උපයාගත් ආදායම් සහ ඔවුන් සතුව දැනට පවතින වත්කම් අතර ඇති විය හැකි විෂමතා හඳුනා ගැනීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ ලෙස දක්වයි.

ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායම් දැනටමත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලය සහ මන්ත්‍රී සේවා කාර්යාංශයේ සහාය ඇතිව අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

මේ අතර මෙම කටයුතු සඳහා පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහයෝගය පහසුවෙන් ලබාගැනීමට පාර්ලිමේන්තු රැස්වීම් නොපවතින දිනවලදී මෙය සිදු කරන බව ද පවසයි.

ඊට අමතරව කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එක් රැස් කරන ලද තොරතුරු ඉදිරි විමර්ශන කටයුතු මෙන්ම, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ද යොදා ගැනීමට නියමිත බවයි.

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්