ගෝඨාභය රාජපක්ෂ මහින්දගේ කීමවත් ඇහුවේ නෑ ඒකයි පැරදුනේ - ඩයනා ගමගේ හේතු කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ පාලන සමයේදී ඔහුගේ සහෝදරයා මහින්ද රාජපක්ෂගේ උපදෙස් පවා නොඇසීම ඔහුගේ ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් බව හිටපු අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.
ඇය මේ අදහස් දැක්වුයේ රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමින්ය. ඇය වැඩිදුරටත් පැවසූවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍ය පාලන බලය භාරගත් විට තමන්ට කිසිවක් කළ නොහැකි බවත්, තමන්ගේ අත් බැඳී තිබෙන බවත් ප්‍රකාශ කළා.
නමුත් 20වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලය නැවත ලබා දුන් බවත්, එය ක්‍රියාත්මක වීමට වසරක් ගිය බවත් ඇය සදහන් කළාය. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, දේශපාලනයේ දීර්ඝ පළපුරුද්දක් ඔහුට තිබුණ නමුත් ඔහුගේ අදහස් කිහිපයක් පවා ක්‍රියාත්මක නොවූ බව ඇය චෝදනා කළාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දීමට බොහෝදෙනා සිටි නමුත් නිවැරදි උපදෙස්වලට කන් නොදුන් බවත්, පසුව ඔහු වැඩ කිරීම ආරම්භ කළ විට විරෝධතා සහ සමාජ ගැටුම් හටගත් බවත්ය.
ඇය අවසන් වශයෙන් පැවසූවේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය පාලනය කළ හැකි ආධාරක පද්ධතියක් නොමැති වූ නිසා ඔහුගේ ආණ්ඩුව පාලනය කිරීමට අසමත් වූ බවය.