කොළඹ ඉන්න අයට රජයෙන් අලුත් වුණු නිවාස

Colombo Government Of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 16, 2025 12:31 PM GMT
Mithu

Mithu

Report

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම සභාව රැස් විය.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

කොළඹ දිස්ත්‍රික්කය තුළ වසර 40කට වඩා පැරණි මහල් නිවාස ව්‍යාපෘති 45ක් පවතින බවත් ඒවායේ ආසන්න වශයෙන් නිවාස 10,000ක් පමණ පවතින බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසුහ.

එම නිවාස සංකීර්ණවල සිදු කිරීමට නියමිත, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වර්තමාන පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ද ඇතුළුව වාර්තාවක් ,මාසයක් ඇතුලත කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාළ නිවාස සංකීර්ණවල ගොඩනැගිලි වල වර්තමාන තත්ත්වය පිළිබඳව තාක්ෂණික හා තක්සේරු වාර්තා ලබාගන්නා බවත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මෙම ප්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

ඊයේ හවස පොලීසියට ඔත්තුවක් ලැබිලා කෝටි පහකට බඩුත් එක්ක හොරු මාට්ටු

ඊයේ හවස පොලීසියට ඔත්තුවක් ලැබිලා කෝටි පහකට බඩුත් එක්ක හොරු මාට්ටු