බණ්ඩාරවෙල රෝහලට අද විශේෂ දවසක් - මෙන්න හේතුව

Ministry of Health Sri Lanka Government Of Sri Lanka Hospitals in Sri Lanka Nalinda Jayatissa Sinhala news
By Mithu Aug 16, 2025 11:09 AM GMT
Mithu

Mithu

Report

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රේණිය උසස් කරන ලද බණ්ඩාරවෙල රෝහල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය බලයට පත්ව ගතවූ මාස 8 ක පමණ කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බවට බණ්ඩාරවෙල මුලික රෝහල පත්වන බවයි. ඉල්ලීම් කොපමණ ලැබුණත් ජාතික සැලසුමකට අනුව පමණක් එම කටයුතු සිදු වන බව අමාත්‍යවරයා කීය.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමේ දී තිබුණු ප්‍රධාන ගැටළුවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි, රෝහල් වර්ගීකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක තිබුණු අවිධිමත්භාවය පෙන්වා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා රෝහල් වර්ගීකරණය යනු විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත්, දේශපාලන අවශ්‍යතාවය මතම මුලික රෝහල් බවට පත් කළ රෝහල් මෙරට පවතින බව ද පැවසී ය.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්