2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ට විශේෂ දැනුම්දීමක්

By Shehan Oct 09, 2025 10:21 AM GMT
Report

2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් පන්ති ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, රජයේ පාසල්, රජයේ ආධාර ලබන සහ නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි 20 වැනිදා (අඟහරුවාදා) සිදු කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරාගත් සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමේ කටයුතු සම්පූර්ණ කළ යුතු බව ද අමාත්‍යාංශය පවසයි.

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ඒ අනුව,

026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග ඇතුළත් ව සිදු කිරීම යෝග්‍ය බව දැනුම් දී ඇත.

* 2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම.

* දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික හා පාසල් ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය.

* ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පළමුවන ශ්‍රේණියේ නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳ ව පළමුවන ශ්‍රේණියට පිවිසෙන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.

* නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදු කිරීම. 

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

එමෙන්ම, නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අයුරින් මෙම වැඩසටහන පැවැත්විය යුතු අතර සිසුන්ට හා දෙමාපියන්ට කිසිදු අපහසුතාවක් නොවන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට අවධානය යොමු කළ යුතු වේ.

මෙම වැඩසටහන සාර්ථක ව පැවැත්වීමට පාසලේ සියලු ම අංශ සහ පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශවවල සහයෝගය හා සහභාගිත්වය ලබා ගැනීම සුදුසු බව සඳහන් වේ.

එසේ ම පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන (ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක්) 2026 ජනවාරි මස 02 වනදා සිට 2026 ජනවාරි 16 දින දක්වා (රජයේ නිවාඩු දින හැර) ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව ක්‍රියාත්මක කළ යුතු ය.

බැකෝ සමන්ගේ බිරිඳගේ සහ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් - මෙන්න පැටිකිරිය

බැකෝ සමන්ගේ බිරිඳගේ සහ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් - මෙන්න පැටිකිරිය

දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට පසු ව පාසලට ඇතුළත් කර ගනු ලබන සිසුන් වෙනුවෙන් ද ඉහත සඳහන් අදාළ ක්‍රියාකාරකම් නම්‍යශිලී ලෙස සිදුකිරීමට පළමුවන ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතුය.

ඒ අනුව සකස් කරන ලද උපදෙස් සහිත ලිපිය සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම පාසල් ප්‍රධානීන් (ප්‍රාථමික පන්ති පැවැත්වෙන රජයේ පාසල් හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්) වෙත යොමුකර ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්