අස්වැසුම දෙවැනි අදියර ගැන හදිස්සියේ රජයෙන් විශේෂ දැනුම්දීමක්
By R.rishma
අස්වැසුම සුභසාධන ආධාර යෝජනා ක්‍රමය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනය කර ඇත්තේ, එම අවසාන දිනය 2025 ජූලි 31 දක්වා දීර්ඝ කළ බවයි.
අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර, ඉන් පසුව ඒවා සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.