අධ්‍යාපන ක්ෂේත්‍රයේ වරප්‍රසාදයක් – HND දෙකට NVQ6

Report

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකකට NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය පිරිනැමීම සඳහා අනුමැතිය හිමිව ඇති බව දැනුම් දී ඇත.

මෙම පාඨමාලා ලෙස ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) හඳුනාගෙන තිබේ.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් සහ වරප්‍රසාද අහිමි වෙයි.. පනත ගැසට්ටුවට

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් සහ වරප්‍රසාද අහිමි වෙයි.. පනත ගැසට්ටුවට

2025 ජූලි 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, මෙම පාඨමාලා දෙක NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව සාර්ථකව හදාරා අවසන් කළ සිසුන්ට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය ලබා ගැනීම සඳහා, SLIATE අධ්‍යක්ෂ/විදුහල්පති/අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ රුපියල් 1,000.00ක ගාස්තුවක් ගෙවා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ හැකිය.

මේ සම්බන්ධ චක්‍රලේඛය 2025 ජූලි 9 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්