ලෝකෙටම EV සහ Hybrid වාහන ගැන දැනුවත් කිරීමක්
ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සැම පරදා පෙරට පැමිණ සිටින චීනය මේ වන විට මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බවට තොරතුරු ලැබෙයි.
එසේම මේ බව සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී ඇත.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
ඒ අනුව පහුගිය 2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින් වේ. එමෙන්ම යුරෝපීය වෙළෙඳපොළ චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන ඇත.
එසේම යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටී තිබීම ද විශේෂත්වයක් ගෙන ඇත.
මේ අතර චීන EV නැතහොත් විද්‍යුත් වාහනවලට යුරෝපා රටවල් මේ විදියට වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරීව තිබියදීයි.
කෙසේ වෙතත් වාර්ෂිකව විද්‍යුත් වාහන මිලියන 11ක් පමණ, ගෝලීය EV වෙළෙඳපොළෙන් අඩක් පමණ නිපදවන චීනයේ මෙම ප්‍රවණතාව ලබාදෙන පණිවිඩයක් තිබුණ ද ලෝකය තවමත් ඉන්ධන දහන එන්ජින් මුළුමනින්ම අතහැර දැමීමට සූදානම් වී නොමැත.
තවද 'ප්ලග් ඉන් - Hybrid' නැත්නම් මේ දෙමුහුම් රථවලින් සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා 30%කින් අඩු වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.
එසේ වුවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ මේ Hybrid වාහන භාවිතය වුවත් ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය ශුන්‍ය කිරීම සඳහා වූ ඉලක්කය වසර ගණනක් ඈතට රැගෙන යන බවයි.
මේ අතර මෝටර් රථ කර්මාන්තයේ විශේෂඥයින් මේ Hybrid වාහනවලට වූ ඉල්ලුම ඉහළ යාම තවත් වසර 03ක් හෝ 05ක් පමණ පවතිනු ඇති බවත් යළි පූර්ණ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන ඉදිරියට පැමිණෙනු ඇති බවත් සඳහන් කරයි.
එසේම දිගුකාලීනව වායු දූෂණය ශුන්‍ය වාහනවලට ප්‍රවණතාව තවදුරටත් පවතින බව ඔවුන් පවසයි.
මේ අතර ඇතැම් චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන් හයිබ්‍රිඩ් වෙත යොමු නොවී අඛණ්ඩව විද්‍යුත් වාහන නිෂ්පාදනයේ නිරත වන බව ද සඳහන් වේ.