දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

Report

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති බවට ඊ-මේල් ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවට වාර්තා කරයි. එසේම අඳාළ ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් පවතින බවටයි.

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

ඒ අනුව මේ සම්බන්ධයෙන් පාසලෙන් දැනුවත් කළ වහාම දිල්ලි පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ පොලිස් සුනඛයන් සෝදිසි කිරීම් සඳහා ගොස් ඇත.

එමෙන්ම මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා දක්වයි.

මේ අතර මින් පෙර ද බෝම්බ තර්ජන ඇති ඇමතුම් ලැබී තිබුණ ද ඒවා ව්‍යජ තොරතුරු වී තිබුණත්, අද දින පැමිණ තොරතුරු පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ වඩාත් වැඩි අවධානයක් යොමු කොට හදිසි ආරක්ෂක පියවර අනුගමනය කරන බව පෙනී යන බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර ජුලි මාසයේදී ද එරට පාසල් කිහිපයකට බෝම්බ තර්ජන පැමිණ තිබූ බව වාර්තා වේ.

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි

ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි