දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට විශේෂ බස් රථ සේවාවක් - ආසන වෙන් කරගැනීමට ලංගමයෙන් ඉල්ලීමක්
එළැඹෙන දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන පිරිස් නොවැම්බර් 6 වැනිදා සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංගම ආසන වෙන්කිරීමේ සේවාව සඳහන් කරන්නේ නොවැම්බර් 6 සහ 7 දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ වෙත ධාවනය වන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වන විටත් වෙන් කර අවසන් බවයි.
මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද සීඝ්රයෙන් වෙන් වෙමින් පවතී.
ආණ්ඩුවේ පොරොන්දු සේරම ෆේල් - වැට් බදු, තෙල් මිල සහ IT බදු ගැන නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී දැවැන්ත ප්‍රහාරයක්
එබැවින් පවතින තදබදය මඟහරවා ගනිමින් තම ගමනාගමන කටයුතු පහසුවෙන් සලසා ගැනීම සඳහා 1315.lk හෝ sltbeseat.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන් කරවා ගන්නා ලෙස අදාළ ආයතන මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.