හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමේ තීන්දුවට දින නියම වෙයි
By Kanchana
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 25 වැනිදා ප්රකාශයට පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාවට අදාළ විමර්ශනවලට සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණි.