සමාජ මාධ්‍ය කැළඹූ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටුමේ ඇත්ත කතාව මෙන්න - ශිෂ්‍ය සංගමය කරුණු හෙළි කරයි
By Kanchana
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය අවධාරණය කරන්නේ, මෙම සිදුවීම කිසිදු ආකාරයකින් නවකවදය හා සම්බන්ධ නොවන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව හේතුවෙන් සිදුවීම පිළිබඳ විවිධ අදහස් සහ මත පළවෙමින් තිබෙන අතර, ඇතැම් පාර්ශ්ව එය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නවකවද ගැටලුව සමඟ සම්බන්ධ කරමින් අදහස් පළ කර තිබේ.
එවැනි පසුබිමක, මෙම සිදුවීම නවකවද සිද්ධියක් ලෙස අර්ථකථනය කිරීම නිවැරදි නොවන බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.