මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් රටම ගොඩ අද කොටස් අගයන් ඉහළටම
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දින දක්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 421.48කින් එනම් සියයට 2.09ක ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් දිනය අවසානයේ ඒකක 20,541.12ක් ලෙස සටහන් විය.
එමෙන්ම, ප්රධාන පෙළේ සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 112.52කින් (සියයට 1.97) ඉහළ යමින් ඒකක 5,838.09ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.85ක් ලෙස වාර්තා වී තිබේ.