'බටුවත්තේ චාමර' නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
By Mithu
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චාමර' නමැත්තා ලබන නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉකුත් මැයි 10 වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන එන ලද මෙම සැකකරු එතැන් සිට රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.