රන් ආලේපිත ගිනිඅවි නඩුවේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ කසකස්ථාන කාන්තාව මහාධිකරණයට - නඩුව විභාගයට දින නියම වෙයි

Report

මෑතකදී නිවාස සංකීර්ණයක් තුළදී රන් ආලේපිත ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 23 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

 මෙම නඩුව අද(04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවා ඇත එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම්කර තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත ඉදිරිපත් වූ කරුණු සලකා අනතුරුව මෙම නඩුව විභාගය සඳහා මේ මස 23 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියෝග කර ඇත.

2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමේ තීන්දුවට දින නියම වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමේ තීන්දුවට දින නියම වෙයි