TIN එක නැතත් Bank Account ඇරීමට සහ Revenue License ගන්න අවස්ථාව - මුදල් අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්
මෙම සේවාවන් ලබා ගැනීමේදී ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති විශේෂ විධිවිධාන යටතේ, බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය නොමැතිව වුවද නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට පුද්ගලයන්ට අවස්ථාව සලසා ඇති බව මුදල් අමාත්‍යාංශය පැහැදිලි කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව නිකුත් කළ පොදු නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, දැනටමත් TIN අංකයක් ලබාගෙන ඇති නමුත් එහි සහතිකය ළඟ නොමැති පුද්ගලයන්ට අදාළ ආයතනය වෙත තම TIN අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ සේවාවන් ලබාගත හැකිය.
එසේම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට ද තම ජාතික හැඳුනුම්පත් (NIC) අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඉදිරිපත් කරමින් මෙම සේවාවන් ලබාගැනීමට හැකියාව පවතී.
අයදුම්කරුවන් විසින් සපයනු ලබන තොරතුරු පදනම් කරගෙන TIN අංකයක් නිකුත් කිරීමට හෝ අදාළ අංකය ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර අදාළ ආයතන විසින් ගනු ඇති බව ද නිවේදනයේ දැක්වේ.
TIN සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම පමණක් හේතුවක් කරගෙන කිසිදු පුද්ගලයෙකුට අදාළ සේවාවන් ලබාදීම ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත ගනුදෙනු අටක් සඳහා TIN සහතිකය අනිවාර්ය කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, බැංකු ගිණුම් විවෘත කිරීම සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ඉහත සඳහන් විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වේ.
TIN සහතිකය අනිවාර්ය කර ඇති ගනුදෙනු අට මෙසේය. නව බැංකු හෝ මූල්‍ය ආයතන ගිණුමක් විවෘත කිරීම. මෝටර් රථ ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම. ණය පතක් (Credit Card) ලබා ගැනීම.
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම.
මෝටර් රථයක් ලියාපදිංචි කිරීම. ඉඩමක් හෝ ඉඩම් හිමිකාරිත්වයක් ලියාපදිංචි කිරීම.
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. සමාගමක කොටස් හුවමාරු කිරීම.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනු අටෙන් බැංකු ගිණුම් විවෘත කිරීම සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීම හැර අනෙකුත් ගනුදෙනු හය සඳහා TIN සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.
TIN සහතික පද්ධතිය මගින් ස්වයංක්‍රීයව ජනනය කරනු ලබන බැවින්, එහි මුද්‍රිත පිටපත් මෙන්ම විද්‍යුත් පිටපත් ද වලංගු බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
ඒ සඳහා නිල අත්සන්, මුද්‍රා, රබර් මුද්‍රා හෝ 'සත්‍ය පිටපතක්' ලෙස සහතික කිරීමක් අවශ්‍ය නොවේ.
වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සියලුම පදිංචිකරුවන් නීතිය අනුව TIN අංකයක් ලබාගත යුතු වුවද, එම අංකය ලබාගෙන තිබීම පමණක් පුද්ගලයෙකු ස්වයංක්‍රීයව ආදායම් බදු ගෙවීමට බැඳී සිටින අයෙකු බවට පත් නොකරන බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම මත ඔහු හෝ ඇය ආදායම් බදු ගෙවීමට යටත් වන්නේද යන්න තීරණය වන අතර, TIN අංකයක් ලබාගැනීම සහ ආදායම් බදු ගෙවීම යනු එකිනෙකට වෙනස් නීතිමය අවශ්‍යතා දෙකක් බව ද සැලකිල්ලට ගත යුතුය.