හැටන් - පුලියාවත්ත මාර්ගයේදී දරුණු අනතුරක් - පාසල් සිසුන් රැගත් වාහනයක් ප්‍රපාතයකට පෙරළේ
හැටන් - පුලියාවත්ත ප්‍රධාන මාර්ගයේ පී.ඩබ්ලිව්. ප්‍රදේශයේදී අද (04) පස්වරු 2.30ට පමණ ප්‍රාථමික පාසල් සිසුන් සිව්දෙනෙකු රැගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ සිසුන් සිව්දෙනා වහාම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් පුලියාවත්ත දෙමළ ප්‍රාථමික පාසලේ 3 සහ 4 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනෙකු සහ එක් සිසුවෙකු බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෙනත් ත්‍රිරෝද රථයකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ රියදුරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.