2028-2030 IFAD කෘෂිකාර්මික සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීමට සාකච්ඡා

Report

2028-2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා IFAD හි දේශීය නියෝජිත ශෙරීනා තබස්සුම් මහත්මිය එක්ව සිටියාය.

අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය - අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය

අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය - අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය

මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම, කුඩා පරිමාණ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

යෝජිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දැනට ක්‍රියාත්මක වන “ප්‍රජාශක්තී” වැඩසටහන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන් අතර, අදාළ රාජ්‍ය ආයතන සහ IFAD අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.