අද 6 න් පස්සේ මේ පැතිවලට විශේෂ නිවේදනයක්

Report

වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) දින පැවැත්වෙන දේව පෙරහර නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර ඇත.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඒ අනුව මෙම දේව පෙරහර අද දින සවස 6 සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

එය අඹේපුස්ස දේවාල හන්දියෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස, එම මාර්ගයේ නුවර දෙසට ගමන් කිරීමට නියමිතයි.

ඉන්පසු අඹේපුස්ස හන්දිය, මාහේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හන්දිය, මාහේන වංගුව දක්වා ගමන් කර යළි එම මාර්ගයේම දේවාලය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පෙරහර ගමන් කරන කාලය තුළදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි නිසා එම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙසයි.

එම විකල්ප මාර්ග,

කොළඹ - නුවර මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන රථ වාහන පස්යාල හන්දියෙන් නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගය හරහා මිරීගමට ගොස් අධිවේගී මාර්ගය භාවිතා කරමින් කුරුණෑගල දෙසට සහ මහනුවර දෙසට ගමන් කළ හැක.

කොළඹ - නුවර මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන වාහන වේවැල්දෙනිය හන්දියෙන් වේවැල්දෙනිය මීරිගම මාර්ගයේ ගමන් කර මීරිගමින් අධිවේගී මාර්ගය භාවිතා කරමින් කුරුණෑගල දෙසට හා මහනුවර දෙසට ගමන් කළ හැක.

කොළඹ - නුවර මාර්යේ නුවර දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන නෙළුන්දෙණිය හන්දියෙන් නෙළුන්දෙනිය අලව්ව මාර්ගය භාවිතා කළ හැක.  

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග