බලන් හිටපු උපාධිධාරි ගුරු විභාගය ගැන අලුත්ම ආරංචිය, වයස් සීමාවෙත් වෙනසක්

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි.

තවද අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදි ම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අගමැතිනිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙහි දී එකඟත්වය පළ වී ඇත්තේ ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු වෙනුවෙන් කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් ය.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය