ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Bar Association of Sri Lanka Latest Headlines Sinhala news Colombo politics heat up Ranil Wickremesinghe Arrested
By Shehan Aug 26, 2025 08:36 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය, විශේෂයෙන් YouTube වැනි වේදිකා ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව (Judicial Service Commission) සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වූ අදහස් හා වාර්තා පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය දීර්ඝ කාලයක් තිස්සේ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගකීම් සහිතව කටයුතු කර ඇති බවත්ය.

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, අධිකරණ පද්ධතිය රටේ ජනතාවගේ විශ්වාසය රඳවා ගැනීමටත්, එහි අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටත්, සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවයි.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, YouTube, X, Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අධිකරණයට හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවට අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී හෝ වාර්තා කිරීමේදී සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

විශේෂයෙන්, අසත්‍ය තොරතුරු හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කළ හැකි ප්‍රකාශ පළ කිරීමෙන් වැළකීමේ වැදගත්කම නීතිඥ සංගමය අවධාරණය කර ඇත.

එමෙන්ම, උසාවි තීන්දුවක් වීඩියෝ ගත කර පළ කිරීම නීති විරෝධී ක්‍රියාවක්. මෙය අපහාස කිරීමක් ලෙස සැලකෙන අතර, අධිකරණයට අපහාස කිරීම (Contempt of Court) යටතේ නඩු පැවරිය හැකිය.

විශාල පිරිසක් කොළඹට - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හා ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

විශාල පිරිසක් කොළඹට - කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හා ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

ලංකාවේ නීතියට අනුව, අධිකරණයේ සිදුවීම් පටිගත කිරීම හෝ ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා පූර්ව අවසරයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන්, මාධ්‍යවේදීන්ට පවා උසාවි කටයුතු වාර්තා කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වන අතර, ඔවුන්ට වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගැනීම තහනම්.

එම නිසා, කිසිදු අවසරයකින් තොරව උසාවි තීන්දුවක් වීඩියෝ ගත කර ප්‍රසිද්ධියට පත් කිරීම නීතියට අනුව බරපතල වරදක්. එවැනි ක්‍රියාවක් සඳහා දඩයක් හෝ සිර දඬුවමක් නියම විය හැකිය.

ජාතික ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි



Gallery