එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

Report

එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් නිවේදනයක් නිකුත් කරමින්, රටේ සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයකට සහභාගී නොවන ලෙසත්, එවැනි ක්‍රියාවන්ට කිසිදු ආකාරයකින් සහයෝගය නොදෙන ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයකින් යුතුව කටයුතු කරන ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් කර ඇත.

ජවිපෙ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ

ජවිපෙ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ

මෙම නිවේදනයේ දී, එජාපය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන චරිතය සහ රට වෙනුවෙන් ඔහු ලබා දුන් දායකත්වය ගැන විශේෂයෙන් අවධාරණය කර ඇත

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ හය වතාවක් අගමැති ධුරය හෙබවූ නායකයෙකු ලෙසත්, රට ඉතාමත් තීරණාත්මක අවස්ථාවක ජනාධිපති ධුරය භාර ගෙන රට ආර්ථික හා දේශපාලන අර්බුදයකින් ගලවා ගත් බවත් එජාපය පවසයි. ඔහුගේ නායකත්වය යටතේ රට යහපත් මාවතකට යොමු කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්, ඔහු පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේ ගෞරවයට සහ පිළිගැනීමට පාත්‍ර වූ බව එජාපයේ නිවේදනයේ සඳහන් වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදත් රනිල් හමුවේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදත් රනිල් හමුවේ

එජාපය වැඩිදුරටත් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙකත් තම පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කළ නායකයෙකු නොවන බවයි.

ඒ වෙනුවට, ඔහු සෑම විටම රටේ යහපත සහ ජනතාවගේ යහපත් ජීවන තත්ත්වය උදෙසා දිවි හිමියෙන් කැපවී කටයුතු කළ බව එජාපය අවධාරණය කරයි. විශේෂයෙන්, 2022 වසරේ රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය තුළ ජනාධිපති ධුරය භාර ගත් ඔහු, රට බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට කාලෝචිත සහ තීරණාත්මක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බව එජාපය සිහිපත් කරයි.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

අනිල් කියන විදිහට මහ බැංකුව ආයෙත් රටට කෙළවයි වගේ ඒ නිසා මෙහෙම කරමු, දයාසිරිගෙන් ලියුමක්

අනිල් කියන විදිහට මහ බැංකුව ආයෙත් රටට කෙළවයි වගේ ඒ නිසා මෙහෙම කරමු, දයාසිරිගෙන් ලියුමක්


Gallery