බස් සංශෝධිත ගාස්තු අද ප්‍රකාශයට
බස් ගාස්තු සියයට 2.5කින් අඩු කිරීමට ගත් තීරණය අනුව, සංශෝධිත බස් ගාස්තු අද (26) දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි ප්‍රකාශකයෙකු නෙත් නිවුස් හා පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ, මෙම සංශෝධනය යටතේ අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මේ අතර, ජුලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ගාස්තු සංශෝධනයට බස් හිමියන්ගේ සංගම් විරෝධය පළ කර ඇත.