අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්
By Kaushi
ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (9) දින උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා කාලය තුළ ජල කප්පාදුවක් සිදු වන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
මණ්ඩලය දැනුවත් කරන පරිදී මෙසේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කිරීමට නියමිතව ඇත්තේ රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලටයි.
වාර්තා වන පරිදී මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත්තේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නලයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් සඳහායි.
