ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විදේශීය පරිගණක චිප් සඳහා 100%ක තීරුබද්දක් පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවයි.

එසේම අඳාළ මාධ්‍ය වාර්තා කරන්නේ එය ඩිජිටල් යුගයට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණ සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමට හේතු වීමට ඉඩ ඇති බවයි.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

මේ අතර ඕවල් කාර්යාලයේ පැවැති හමුවක දී එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් සමඟ “අපි චිප්ස් සහ අර්ධ සන්නායක සඳහා ආසන්න වශයෙන් 100%ක තීරු බද්දක් පනවන්නෙමු,” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

අඳාළ හමුව සිදුව තිබුණේ ඉදිරි වසර හතර තුළ ඇපල් සමාගම එක්සත් ජනපදයේ නිෂ්පාදනය වෙනුවෙන් ඩොලර් බිලියන 100ක් ආයෝජනය කිරීමට ගිවිසුමක් සාකච්ඡා කිරීමට පැවති හමුවක දී බව වාර්තා වේ.

එසේ වුවද එක්සත් ජනපදයේ පරිගණක චිප් නිපදවන සමාගම් ආනයන බද්දෙන් නිදහස් කරන බවට ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කරයි.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා

මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා