මේ රූපලාවන්‍ය ආලේපන 49 නම් ගාන්න තියා හිතන්නවත් එපා
ශ්‍රී ලංකා වෙළඳපොළේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක් භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය විසින් සම පැහැපත් වීමට යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බව සඳහන් කළා.
එසේම මෙහිදී ඇය විසින් අන්තර්ජාලය හරහා භාවිතයට නුසුදුසු ආලේපන අලෙවි කිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද පෙන්වා දී තිබෙන බව සඳහන්.