හිටපු කතානායකගේ බිරිය අනතුරට ලක්කළ ප්‍රසිද්ධ ගිටාර් වාදකයා රිමාන්ඩ්

Report

හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන්, සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කෙරූ පුද්ගලයකු මේ 20 දක්වා රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන රාත්‍රී සමන් විතානරච්චි (17) නියෝග කළේය.

37 හැවිරිදි ඔහු කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙක් වන බව සඳහන් වේ.

මෙම අනතුර පෙරේදා (16) 6.30ට බියගම ප්‍රදේශයේ සිදු වී ඇති අතර, තුවාල ලැබූ අශෝක රන්වලගේ බිරිඳ වන සහ වෛද්‍යවරිය මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි - පාසල්වලට තවත් උපදෙසක්

දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි - පාසල්වලට තවත් උපදෙසක්

කැලණිය බියගම මහා මාර්ගයේ මෙම වෛද්‍යවරිය පැදවු මෝටර් රථය මාර්ගයට අවතීර්ණ කිරීමට යන අවස්ථාවේ කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එහි ගැටී තිබුණි.

අනතුර සිදු කෙරූ ලීඩ් ගිටාර් වාදකයා ප්‍රධාන පෙළේ හෝටලයක පැවති සංගීත වැඩසටහනකට සහභාගී වූආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙම රියදුරු මත්පැන් පානය කර ඇති බව පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි.

අනතුරේ අගතියට පත් වූ වෛද්‍යවරිය වෙනුවෙන් නීතී සුදර්ශන වික්‍රමරත්න සහ සැකකාර රියැදුරු වෙනුවෙන්ප්‍ර නීතීඥ බියන්කා ජයසූරිය අධිකරණයට පැමිණ තිබේ.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහගේ උපදෙස් යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ප්‍රසන්න, සහ පොලිස් සැරයන් උපාලි (34895) සහ දිසානායක (29801) වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත (35328) විසින් රියදුරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මාරක අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට - තිදෙනෙක්ට තුවාල

මාරක අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට - තිදෙනෙක්ට තුවාල