දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි - පාසල්වලට තවත් උපදෙසක්

Report

දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට සඳහා තීරණ ගැනීමට පුරුදු විය යුතු බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇය මේ බව සඳහන් කළේ, ඊයේ (17) දින පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ නිරීක්ෂණයට සහභාගී වෙමින්. ​

එහිදී පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද පාසලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදුව තිබුණා. ​

පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර වශයෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ විද්‍යා විෂය පමණක් නොව අනෙකුත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම දරුවන්ට දැනුම ලබා දිය යුතු බවයි.

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්

ඒ වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, බෙදීම් ඇති සමාජයක් ගොඩනැගීම රජයේ දර්ශනය නොවන බවත් ඇය අවධාරණය ක‍ර ඇත.

එමෙන්ම දරුවන් වෙනුවෙන් හොඳම දේ කළ යුතු බවත්, ඒ සඳහා ගත යුතු තීරණ සම්බන්ධ යෝජනා පාසල් මට්ටමින් සාමූහිකව සාකච්ඡා කර තමන් වෙත දන්වන ලෙසත් හරිනි අමසූරිය මෙනෙවිය ඉල්ලා සිට ඇත.

තවද පාසල් වශයෙන් බෙදී වෙන් වී දරුවන්ට සුවපහසු අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බවත්, සැමවිටම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා. ​"අතීතයේ ගනු ලැබූ වැරදි තීන්දු තීරණවල ප්‍රතිවිපාක අප දැන් භුක්ති විඳිනවා.

නමුත් අපට දැන් යහපත් වර්තමානයක් තිබෙනවා. එබැවින් මින් ඉදිරියට දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට අප පුරුදු විය යුතුයි."

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්