හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන් කරන ජීප් රථය අද (11) පස්වරුවේ සපුගස්කන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරට පත් වී ඇත.

පොලීසිය සඳහන් කළේ, ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවි බවයි.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

අනතුර සිදු වූ මොහොතේ මෝටර් රථය තුළ සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙකු තුවාල ලබා තිබේ. ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලට, කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත්‍රී අශෝක රන්වල මහතාද තුවාල ලබා, ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය සහ යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙන අතර, සපුගස්කන්ද පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න