දකුණු කොරියාව හා රුසියාව එක්වෙයි
සෝල්, දකුණු කොරියාව, උතුරු කොරියාව සහ රුසියාව ඔවුන්ගේ පළමු මාර්ග සම්බන්ධතාවය ගොඩනැගීම ආරම්භ කර ඇති බව දෙරට නිවේදනය කළ අතර, දේශසීමා අතර ඇති ගංගාවක් හරහා පාලමක් ඉදිකිරීම ඔවුන්ගේ මිත්‍ර සබඳතා තවදුරටත් දියුණු කරන ප්‍රධාන පියවරක් බව සදහන් කරයි.
රුසියාවේ ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ පාලම කිලෝමීටර 1 (සැතපුම් 0.6) ක් දිග වන අතර එහි ඉදිකිරීම් සඳහා වසර එකහමාරක් ගතවනු ඇති බවයි.
උතුරු කොරියාවේ කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ මෙම පාලම මගින් ජනතාවගේ දේශසීමා ගමන, සංචාරක ව්‍යාපාරය සහ භාණ්ඩ සංසරණය පුළුල් කරන බවයි.
යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව පතොරම් සහ හමුදා සැපයීමත් සමඟ එය දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීමට ප්‍රධාන හේතුවක් විය.
එක් දුම්රිය පාලමක් සහ ගුවන් සේවාවක් දැනටමත් උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරන අතර, 2024 ජුනි මාසයේදී, රුසියාව සහ චීනය සමඟ උතුරු කොරියාවේ දේශසීමා දිගේ දිවෙන ටුමෙන් ගඟ හරහා මෝටර් රථ සඳහා පාලමක් ඉදිකිරීමට දෙරට එකඟ විය.
බ්‍රහස්පතින්දා, උතුරු කොරියාව සහ රුසියාව ඔවුන්ගේ දේශසීමා නගරවල පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්වූ බව දෙරටේ රාජ්‍ය මාධ්‍ය ආයතන වාර්තා කළේය.
උතුරු කොරියානු අගමැති පාක් තේ සොන්ග් සහ රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් ඩිජිටල් තාක්ෂනය හරහා උත්සවයට සහභාගී වූ බව වාර්තා වෙයි.
