නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 2021/2022 කණ්ඩායමට අයත් දෙවන වසර සිසුවකු නේවාසිකාගාරයේ වැසිකිළියට කොටකලිසමක් හැද යෑම ආරංචි වූ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එක්ව එම සිසුවාව නවක වදයට ලක්කර ඇත.
මෙයින් ජ්‍යෙෂ්ඨ සිසුන් 10 දෙනෙකු පමණ එක්ව එම සිසුවාව නිරුවත් කොට නවක වදයට ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිසුන්ගේ පෞර්ෂය හා බැජ් ෆිට් එක ගොඩනංවන බව පවසමින් මෙය සිදු කළ ද මෙම නවක වදය හා ඇති වූ අඩන්තේට්ටම් දරාගත නොහැකි වූ සිසුවා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
අදාල පීඨය තුලට පැමිණෙන ප්‍රථම වසර සිසු සිසුවියන්ව නවකවදයට ලක් කිරීමට දෙවන වසර සිසුන් ප්‍රතික්ෂේප කිරිමෙන් තෙවන වසර සිසුන් විසින්, දෙවන වසර සිසුන්ටද විවිධාකාර හිංසන සිදු කල බව තොරතුරු සටහන් වෙයි.
සිසුවාගේ සියදිවි නසාගැනීමත් සමග විශ්වවිද්‍යාලය සිසුන් මෙම සිද්ධිය පිලිබදවත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වදය පිලිබදවත් තමන්ගේ අදහස් සංවේදී ලෙස සමාජ මාද්‍ය වල අදහස් පළකරයි.
මරණයට හේතුව නවක වදයද නැත්නම් වෙනත් හේතුවක්ද යන්න පිළිබද විමර්ශනය කටයුතු ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.





