දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ඇරඹෙයි..ලංකාවෙනුත් සුපිරි ක්‍රීඩකයින් 05ක් තේරෙයි..එම පස්දෙනා මෙන්න.

Report

තුන්වැනි වරට පැවැත්වෙන දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ( 09) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් පස්දෙනෙකු එක්ව සිටීම ද විශේෂත්වයක්.

බැංකුවලින් ණය දීම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..පොලී අනුපාතය අඩු කරයි!!...

බැංකුවලින් ණය දීම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..පොලී අනුපාතය අඩු කරයි!!...


තරගාවලියේ කණ්ඩායම් තුනකට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්ව ඇති අතර ඔවුන් නියෝජනය කරනු ලබන කණ්ඩායම් වන්නේ මෙසේ යි.

ජෝබර්ග් සුපර් කින්ග්ස් කණ්ඩායමට මතීශ පතිරණ සහ මහීශ් තීක්ෂණ

✅ පාල් රෝයල්ස් කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ සහ ඒශාන් මාලිංගත්

✅ එම්. අයි. කේප් ටවුන් කණ්ඩායමට නුවන් තුශාරත්

එක්ව ඇත.

මොවුන් අත‍රින් දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත්, අනෙකුත් ක්‍රීඩකයින් සිව්දෙනා විශේෂඥ පන්දු යවන්නන් ලෙසත් එම කණ්ඩායම්වලට එක්ව තිබීම විශේෂත්වයක් වනවා.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)


2023 වර්ෂයේ ඇරැඹි දකුණු අප්‍රිකානු ටී 20 තරගාවලියේ පසුගිය තරගාවලි ද්විත්වයම ජය ගැනීමට සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ ප්‍රථම තරගය ලෙසින් ගියවර ශූරයන් වූ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම සහ එම්. අයි. කේප් ටවුන් කණ්ඩායම අතර අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට ගබේහාහි ජෝජ්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

You May Like This Video