බැංකුවලින් ණය දීම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..පොලී අනුපාතය අඩු කරයි!!...

Report

 බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම අඩු වෙමින් පවතින බව 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකායෙහි සඳහන්කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (08) ප්‍රකාශයට පත් කළා.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)


මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, ඉදිරි කාලයේදී ආර්ථිකය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායිව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

සැපයුම් අංශයේ මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ අවධානම්කාරී තත්ත්වය මේ වසරේ මුල් භාගයේද පවතිනු ඇති බවත්, ලබන වසරේ අග භාගයේදී උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වෙනු ඇතැයි පුරෝකථනය කරන බවත් වීරසිංහ මහතා පැවසුවේ ය.

අද රට පුරා වැසි තත්ත්වයේ වෙනසක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්. විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.

අද රට පුරා වැසි තත්ත්වයේ වෙනසක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්. විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.


මේ වන විට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම් අඩුවෙමින් පවතින බවත්, අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබා ගැනීමට හැකිවන පරිදි මහ බැංකුව වෙළෙදපොළෙහි දැනට පවතින ඉහළ පොලී අනුපාතික අඩු කිරීමට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග සමීපව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයක් සිටින පසුබිමක ඉතුරුම් ඉහළ නැංවීමට නව ක්‍රමවේද සකස් කිරීමටද මහ බැංකුව අවධානය යොමුකර තිබෙන බවයි දැනුම්දී ඇත්තේ.

You May Like This Video