සොනාල් දිනූෂ නැවත ක්‍රියාත්මක වෙයි - තීරණාත්මක මොහොතේ අර්ධ ශතකයක් [LIVE VIDEO]

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක පස්වැනි දිනය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු සොනාල් දිනූෂ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර, ඔහු මේ වනවිට නොදැවී ලකුණු 50ක් ලබා සිටී. ඔහු සමඟ පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 59ක් ලබාගෙන සිටී.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දැවී ලකුණු 142ක් ලබා සිටී. තරගයේ තීරණාත්මක අවස්ථාවකදී ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ අතර ගොඩනැගෙමින් පවතින සබඳතාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වී තිබේ.

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි