ඒ පාර සෝමාවතියට ගිහිනුත් ඉවරයි - ඒකත් හරි
රටේ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් සෝමාවතී පුදබිම වෙත දිවෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය තීරණය කර ඇත.
අදාළ ඒකකයේ සහකාර අධ්යක්ෂවරයා පැවසුවේ අධික වර්ෂාවත් සමග මෙම මාර්ගය ජලයෙන් යටවීමට ඉඩ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු මෙම පියවර ක්‍රියාත්මක බවයි.
එම අධිකාරිය පවසන්නේ මේ අතර අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශ වාන් දැමීම ආරම්භ වී ඇති බවයි. මහවැලි අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත්තේ වතින වැසි තත්ත්වය අනුව රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය සහ උල්හිටිය ජලාශවල වාන් ජලය මෙන්ම බදුළු ඔයේ ජල ධාරිතාවද සෘජුවම මහවැලි ගඟට එක්වන අතර මේ හේතුවෙන් මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉතා අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කළ යුතු බවට මහවැලි අධිකාරිය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව සහ කණ්ඩලම ජලාශද මේ වන විට වාන් දමමින් පවතින අතර මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමට ළඟා වී ඇත.
තවද බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවල ජල මට්ටම මේ වන විට උපරිම සීමාවේ පවතින බැවින්, පෝෂිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.