සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝ උත්සවයේ අවසන් වැඩසටහනට සහභාගි විය.
ඒ අවස්ථාවේදී ඇය විශේෂ කරුණු රැසක් අනාවරණය කළ අතර අධ්‍යාපනයේ ප්‍රධාන විෂයක් වන සෞන්දර්ය විෂය පිළිබඳව ද අදහස් කීපයක් ඉදිරිපත් කර තිබුණි.
"ඒ වගේම අපි දන්නවා මේ දවස්වල අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල කතාබහක් යනවා කලාව සෞන්දර්ය කපලා දානවා කියලා.පුනරුද යුගයක් වෙනුවෙන් කටයුතු කරන අපි අධ්‍යාපනයෙන් සෞන්දර්ය විෂය අයින්කරන් නැහැ.
අපිට අවශ්‍ය වන්නේ සෞන්දර්ය විෂය විභාගයකට සීමා නොකර පන්ති කාමරයට සීමා නොකර සෞන්දර්ය තුළින් ජීවිතයට ලැබෙන සියලුම දේ එකතු කර ගැනීමට හැකිවන ලෙස අපි අධ්‍යාපනය හදනවා.
ඒක පන්ති කාමරයකට විභාගයකට සීමා කරන්න අපිට අදහසක් නැහැ."
[
යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කර තිබුණි.