අවුරුදු සමයේ ප්‍රවාහන ඉල්ලුම ඉහළට - ලංගමට මිලියන 600 ඉක්මවූ ආදායමක්
පසුගිය 09 වැනිදා සිට ඊයේ (13) දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 600කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
අලුත් අවුරුදු ප්‍රවාහන සේවා යටතේ පමණක් 11 වැනිදා රුපියල් මිලියන 213ක ආදායමක් ලැබී ඇති බව සජීව කනගරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර ඇත.
පිට පළාත්වල සිට කොළඹ දක්වා බස්රථ යෙදවීම හෙට පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිත අතර එය ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.