නොකියාම කරන්ට් කපන්න යයි.. ලංවිම වාර්තාවලින් සත්‍යය එළියට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසන්නේ, මේ වන විට ආණ්ඩුව අනීතික ලෙස රාත්‍රී 6.30 සිට 11.00 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

විදුලි බල මණ්ඩලයේ පද්ධති කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ “manual load shedding” ලෙස සඳහන් කර ඇත්තේ සැලසුම් කළ විදුලි කප්පාදුවක් බවද ඔහු ප්‍රකාශ කරයි.

විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් නිසි හේතු ඉදිරිපත් කර මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බවත්, එසේ නොකර සිදු කරන විදුලි කප්පාදු නීති විරෝධී බවත් ඔහු අවධාරණය කරයි.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

මෙම තත්ත්වයට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ විදුලි බල මණ්ඩලය වගකිව යුතු බවද ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය දේශපාලනීකරණය වී ඇති බැවින්, මේ ආණ්ඩුව පවතින තුරු ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම අපහසු බවද ඔහු සඳහන් කර ඇත.

ඔහු මේ අදහස් පළ කළේ සියත නාලිකාවේ ‘ත්‍රිකෝණය’ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමිනි. 

ඇවිලෙන යුධ අර්බුධ මැද ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

ඇවිලෙන යුධ අර්බුධ මැද ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්