චීනයේ ෂෙන්සෙන් BYD නිෂ්පාදනාගාරයේ දැවැන්ත ගින්නක්

Report

2026 අප්‍රේල් 14 වන දින අලුයම චීනයේ ෂෙන්සෙන් නගරයේ පිහිටි BYD සමාගමේ ප්‍රධාන මූලස්ථානය සහ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන පිංෂාන් කර්මාන්ත සංකීර්ණයේ බහු මහල් රථගාලක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

දේශීය වේලාවෙන් අලුයම 2.48ට පමණ ආරම්භ වූ මෙම ගින්න හේතුවෙන් අත්හදා බැලීම් සඳහා යොදාගත් සහ භාවිතයෙන් ඉවත් කරන ලද විද්‍යුත් මෝටර් රථ (EV) විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්නත් සමග විශාල කළු දුම් වලාකුළක් අහසට නැගුණු අතර එය කර්මාන්තපුරය සහ අවට ප්‍රදේශවලින් පැහැදිලිව දක්නට ලැබී තිබේ.

කෙසේ වෙතත්, හදිසි ප්‍රතිචාර ඒකක සහ ගිනි නිවන භටයින්ගේ කඩිනම් මැදිහත්වීමෙන් උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද වාර්තා සඳහන් කරයි.

නොකියාම කරන්ට් කපන්න යයි.. ලංවිම වාර්තාවලින් සත්‍යය එළියට

නොකියාම කරන්ට් කපන්න යයි.. ලංවිම වාර්තාවලින් සත්‍යය එළියට

BYD සමාගම නිවේදනය කර ඇත්තේ, ගින්නට ලක්වූ රථගාල පරීක්ෂණ රථ සහ භාවිතයෙන් ඉවත් කළ වාහන ගාල් කිරීම සඳහා පමණක් භාවිත කළ ප්‍රදේශයක් බවත්, නව පාරිභෝගික වාහන කිසිවකට හානියක් සිදු නොවූ බවත්ය. එමෙන්ම ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති බවද සමාගම තහවුරු කර ඇත.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධියට ආසන්නව සිදුකෙරෙමින් පැවති ඉදිකිරීම් කටයුත්තක් අතරතුර ගිනිගැනීමක් ඇතිවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අනුමාන පළ වුවද, ඒවා නිල වශයෙන් තහවුරු කර නොමැත.

සිදුවීමත් සමග හොංකොං කොටස් හුවමාරුව වෙළඳපොළේ BYD සමාගමේ කොටස් මිල සුළු පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වේ. විද්‍යුත් වාහන බැටරි ආරක්ෂාව හා ගිනි අවදානම පිළිබඳ ගෝලීය අවධානයද මෙම සිදුවීමත් සමග යළි ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු

තෙල් මිල නැවත ඉහළට

තෙල් මිල නැවත ඉහළට