පොහොට්ටුවේ මැයි රැළිය කැන්සල් - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් පවත්වනු ලබන මැයි දින රැලිය එළැඹෙන මැයි 01 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී එදිනට නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂය නිල වශයෙන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පක්ෂය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම රැලිය වෙනත් දිනයක පවත්වන බවයි. එම තීරණයට හේතු පැහැදිලි කරමින් ලේකම්වරයා සඳහන් කළේ,

සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සුබ පණිවිඩයක් - රජයෙන් වැඩිකළ දීමනාවක් බැංකුවට

සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සුබ පණිවිඩයක් - රජයෙන් වැඩිකළ දීමනාවක් බැංකුවට

"මෙවර කම්කරු දිනය පොහෝ දිනක යෙදී තිබෙනවා. රජය විසින් වෙසක් පොහොය මැයි 31 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කර තිබුණත්, ඇතැම් ප්‍රමුඛ මහා සංඝරත්නය පුරෝකථනය කර ඇත්තේ මැයි 01 වැනිදා වෙසක් පොහොය යෙදිය හැකි බවයි. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මහජනතාවගේ මෙන්ම කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කරමින්, මැයි දිනය වෙනත් දිනක සැමරීමට පක්ෂයක් ලෙස අප තීරණය කළා."

ඒ අනුව මැයි 01 වැනිදා කම්කරු දින රැලිය නොපැවැත්වෙන බවත්, එය වෙනත් දිනක පැවැත්වීම සඳහා පක්ෂය අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් තහවුරු කළා.

ඉරාන උත්තරීතර නායකයා පත්වීමත් සමඟ එරට වැසියන් මහ පාරට

ඉරාන උත්තරීතර නායකයා පත්වීමත් සමඟ එරට වැසියන් මහ පාරට