"මහත්තයා නැහැ කියලා මම පොහොට්ටුව අත්හරින්නේ නෑ.. ලොකු වෙනසක් කරනවා" - චමරි කියයි

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යාමට තමා සූදානම් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත්, එවැනි අදහසක් කිසිදු අවස්ථාවක තමාට නොතිබූ බවත්, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (24) පැවති ආසන සංවිධායක ධූර පිරිනැමීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

අද හැම පළාත් ලේකම්වරයෙක්ම කොළඹට එන්න ඕනේ, හදිසි කැඳවීමක්

අද හැම පළාත් ලේකම්වරයෙක්ම කොළඹට එන්න ඕනේ, හදිසි කැඳවීමක්

එහිදී ඇය වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළාය;

“මගේ දේශපාලන ගමන ආරම්භ වුණේ දිවංගත සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යතුමා හේතුවෙන්. මම කිසිදාක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යනවා කියලා හිතන්නේ නැහැ. සමාජ මාධ්‍යවල හෝ වෙනත් මාධ්‍යවල එවැනි ප්‍රකාශ පළවුණත්, මගේ දේශපාලන ගමන ගැන කවුරුත් විශ්වාස කරන බවක් මම හිතන්නේ නැහැ.

මට එවැනි බලාපොරොත්තුවක්ද නැහැ. අපි ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය එදා සිට අද දක්වා ජනතාව දකිනවා. මේ ආණ්ඩුව ජනතාවට සක්‍රීය සේවයක් සපයනවාද නැද්ද යන්න ජනතාවට පැහැදිලියි. ජනතාවගේ දැනුම හා අත්දැකීම් මත පදනම්ව, අපි ඒ ඒ දේවල් කියලා ඇඟිලි එසවීමට අවශ්‍ය නැහැ යනුවෙන් මම විශ්වාස කරනවා.

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

ජනතාව දන්නවා අපි ලබාදුන් පොරොන්දු, ඉටුකළ පොරොන්දු, සහ ඉටු නොකළ පොරොන්දු මොනවාද කියලා. ආසන සංවිධායක ධූර ලිඛිතව ලබාගැනීම තුළ ආසන තුළ ලොකු පිබිදීමක් ඇතිවන බව අපි විශ්වාස කරනවා.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය, සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බව අපි දන්නවා. ඉදිරි මැතිවරණවලදී මෙය වෙනසක් ඇති කරනු ඇති බවට අපි විශ්වාසය තබනවා.”

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

රජයෙන් දැවැන්ත තීරණයක්, රටවල් 40කට වීසා ගාස්තු අය කරන්නේ නෑ

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!